25 C
Colombo
Friday, January 10, 2025

‘ක්ලබ් වසන්තගේ’ ඇඟේ උණ්ඩ අටක්

- Advertisement -

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.

එයින් උණ්ඩ තුනක් ඔහුගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ...

ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමට සැලසුම්

ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබුණේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු...

POPULAR ARTICLES