ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා අට පුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිත කර ඇති දැනුම් දීමකට අනුවයි මෙම කමිටුව පත් කර ඇත්තේ.
පසුගිය සතියේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරගත යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී මේ බව පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවරක් ගන්නා ලෙස IMF හා ලෝක බැංකු නියෝජිතයන් සාගල රත්නායක මහතා හමුවේ කළ දැනුම් දීමට අනුවයි මෙම කමිටුව පත් කර ඇත්තේ.