28.6 C
Colombo
Monday, April 14, 2025

මැතිවරණ කොමිසමෙන් පොලීසියට උපදෙස්

- Advertisement -

පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනු ඇති.

මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊයේ දිනට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමවලට අදාල පැමිණිලි 05ක් වාර්තා වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES