24.7 C
Colombo
Monday, November 25, 2024

මැතිවරණ කොමිසම යළි වැඩ අරඹයි

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ කොමිසම මෙලෙස රැස්වීමට නියමිත අතර මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මින් පෙර සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වු වහාම හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීම සඳහා කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ 13 වත්ත ප්‍රදේශයේදි අද (25) අලුයම 3ට පමණ දෙපිරිසක් අතර අතිවු ගැටුමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල - වැල්ලම්පිටිය...

මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ...

බුලත් කෙළ ගහන අයට විරුද්ධව පියවර ගන්න

බුලත් විට කෑමෙන්  පසු පොදු ස්ථානවල, ප්‍රධාන මාර්ගවල  කෙළ ගැසිම පාලනය කිරීමට පියවර ගත යුතු බව හැටන් ප්‍රදේශයේ  ජනතාව අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. හැටන් බස්...

POPULAR ARTICLES