24 C
Colombo
Friday, January 24, 2025

රනිල්ගේ මොට්ට වැඩකට මැතිවරණ කොමිසමෙනුත් බකට් එකක්

- Advertisement -

රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි  රාජ්‍ය නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවීමට සැලසුම්කර තිබු  රුපියල් දස දහසක  දීමනාව ලබා දීම සහ ප්‍රශංසා සහතික පත් නිකුත් කිරීම සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ එම ඇගැයීම් දීමනාව සහ ප්‍රශංසා සහතික ලබා දීම ඡන්ද විමසීමෙන් පසුව සිදු කරන ලෙසයි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති මෙම කාලසීමාවේදී මෙවැනි අමතර ඇගැයීම් දීමනාවක් ලබා දීම දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමක් විය හැකි බැවින් එම කටයුතු මේ මොහේතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

ජූලි 08 සහ 09 දිනවල පැවති  වැඩවර්ජනයට එක් නොවූ විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන්ට මෙම මස වැටුපට රුපියල් දස දහසක මුදලක් සහ ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණා.


RECENT ARTICLES - SINHALA

දුම්කොළ සමාගමේ ලාභය 400%කින් ඉහළට

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය...

පොලීසිය වෙඩිතැබූ රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණා. එහිදී අණ නොතකා ධාවනය...

මගී බස් රථයක් සහ බහාලුම් රථයක එකිනෙක ගැටෙයි

කොළඹ - වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබෙනවා. අද (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර...

POPULAR ARTICLES

දුම්කොළ සමාගමේ ලාභය 400%කින් ඉහළට

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය...

පොලීසිය වෙඩිතැබූ රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකට ලක් කර තිබුණා. එහිදී අණ නොතකා ධාවනය...

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ කාර්  රථයකට ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය වෙඩිතබා තිබෙනවා. කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර්  රථය හඹාගොස්...