29 C
Colombo
Friday, January 17, 2025

විදුලි ත්‍රීරෝද රථ මහපාරට

- Advertisement -

විදුලියෙන් ක්‍රියාත්මක වන බස්රථ සහ ත්‍රීරෝද රථ මාර්ගයට යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

මේ සාකච්ඡාවට යූ.එන්.ඩී.පී ආයතනයේ නියෝජිත පිරිසක්ද සහභාගී වූ අතර රටපුරා ත්‍රීරෝද රථ ලක්ෂ දහයක් පමණ ධාවනය කෙරෙන අතර මෙම ත්‍රී රෝද රථ විදුලියට හැරවීමෙන් විශාල වශයෙන් ඉන්ධන පිරිමසා ගැනීමට හැකිවන බව එහිදී බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන ලදි.

මේ අතර, ලබන වසර වෙනුවෙන් වෙනස්කම් හා නව බලාපොරොත්තු සහිත අයවැයක් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

2023 වසර සඳහා වූ වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (22) හිමිවූ බව කී ඇමතිවරයා දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 9ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා වැඩිකරගැනීම, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් දක්වා අඩුකරගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ සියයට 4 සිට ඍණ සියයට 1ක් දක්වා අඩුකරගැනීම, සහ අයවැය පරතරය සියයට ඍණ 9.9 සිට ඍණ 6.8ක් දක්වා අඩුකරගැනීම යන ඉලක්ක මෙවර අයවැයෙන් අපේක්‍ෂා කරන බවත් සඳහන් කර සිටියා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ දැනට පාඩු ලබන ආයතන ප්‍රතිසැකසුම්කරණය කිරීම කළ යුතු බව කී ඇමතිවරයා ගිය වසරේ රජයේ බදු ආදායම වූ රුපියල් බිලියන 1,298න් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා පමණක් බිලියන 1,115ක් ගෙවීමට සිදුවූ බවත් පෙන්වා දෙනවා.

ණය පොලී ලෙස ද වාර්ෂිකව බිලියන 1,000කට වඩා ගෙවීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා රටේ දිනක ආදායම කෝටි 400ක් වන අතර වියදම කෝටි 1,000ක් බවත්, ඒ හේතුවෙන් දිනපතා කෝටි 600ක් ණයවීමට සිදුව ඇති බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බවත් ඇමතිවරයා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


RECENT ARTICLES - SINHALA

මනුෂගේ සහෝදරයාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප ලැබී තිබෙනවා. ඔහු අද (17)...

ගෝඨාභය CIDයට ඇවිල්ලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුලු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවාමකට අනුවයි. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන්...

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙන ලකුණු

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු...

POPULAR ARTICLES

මනුෂගේ සහෝදරයාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප ලැබී තිබෙනවා. ඔහු අද (17)...

Breaking: සංචාරකයින් 15 කට තුවාල. රියදුරු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී රුසියානු ජාතිකයින් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද...

පිළිතුරු පත්‍ර බලන්න සාරි නොඇන්දයි ගුරුවරියන්ව එළවලා

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට එම පාසලේ විදුහල්පතිනිය...