27.6 C
Colombo
Saturday, November 23, 2024

විදුලි බිල 500% කින් ඉහළට..! – රාජ්‍ය ඇමති දයාසිරි

- Advertisement -

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බව බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (21) පැවති රැස්වීමක් අමතමින්.

විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා.

“2180 ට තිබිච්ච ගෑස් එක 4199 ට ගියාම උඩ ගිහිල්ලා බිම වැටෙනවා. මොකද හේතුව, රුපියල් 1500 කින් ගෑස් ගිහිල්ලා තියෙන්නෙ දැන්. දැන් යන මිල හොයාගන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නෙ. දැන් හෙට අනිද්දා වෙනකොට ආපහු මං හිතන්නෙ ලයිට් බිල වැඩිවෙයි. මට දැන් ආරංචිය තියෙන විදියට විදුලිබල මණ්ඩලයට දීලා තියෙන යෝජනාව අනුව ඒකක 30ක් තිබුණ මිලට වඩා 500% කින් වැඩිවෙනවා. ලයිට් දාන්න නෙවෙයි ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ ලයිට් දාන්නෙ නැතුව. ආණ්ඩුවේ පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුම කියනවා මේ යන ගමන වැරදියි, මොකක්හරි මේකට කරන්න කියලා”

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES