ලබන මස වන විට තෙල් මිල හා විදුලිබිල ජනතාවට දරාගත හැකි වන පරිදි මිල ගණන් පහළ දැමීමට ආණ්ඩුව සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු මෙහිදී කියා සිටියේ ජල බිල, විදුලි බිල සහ ආහාරපානවල මිල ගණන් ද ඉදිරියේ දී වෙනස් විය හැකි බවයි.
මැතිවරණයකට යාමට පෙර ජනතාව ජීවත් කරවිය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.