30 C
Colombo
Wednesday, February 19, 2025

අද සිට යළිත් විදුලිය කැපෙයි

- Advertisement -

රජයේ පොරොන්දුව මත දින දෙකක් විදුලි කප්පාදුව සිදු නොකලද අද දිනයේ සිට යළිත් විදුලි කප්පාදුව ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව E සහ F කලාපවලට පැය 7 මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර P,Q,R,S,T,U,V කලාපවලට පැය 3 කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

E කලාපය සඳහා පෙරවරු 8 සිට පස්වරු 1 දක්වාත්, සවස 6 සිට රාත්‍රි 8.30 දක්වාත් විදුලිය කැපීමට සැලසුම් කර තිබෙනවා.

F කලාපය සඳහා පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වාත් රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්වාත් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

T සහ U කලාපවල පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වාත් පස්වරු 5 සිට 6 දක්වා විදුලි කප්පාදුවක් සිදුවන අතර Vසහ W කලාප සඳහා පෙරවරු 11 සිට පස්වරු 1 දක්වාත්, පස්වරු 6 සිට රාත්‍රි 7 දක්වාත් විදුලි කප්පාදුව සිදුකෙරෙනවා.

R සහ S කලාපවලට පස්වරු 1 සිට පස්වරු 3 දක්වාත් රාත්‍රී 7 සිට රාත්‍රි 8 දක්වාත් P සහ Q කලාපවලට පස්වරු 3 සිට පස්වරු 5 දක්වාත් රාත්‍රි 8 සිට රාත්‍රි 9 දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග ලැබීමත් සමග එහි විදුලි උත්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES