ලොරියක ගැටීමෙන් දළයක් කැඩී ගිය ඇතු ඊයේ (14) උදෑසන තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලබුනෝරුව ප්‍රදේශයේ වැවක් අසලදී සොයා ගෙන තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් තුවාල ලැබූ ඇතා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.
තුවාල ලැබූ ඇතා නැවත තම රංචුවට එක්වී ඇති බව වනජීවී නිලධාරීන් තහවුරු කර ගෙන තිබෙනවා.
පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය සත්ත්වයාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නියමිතයි.
පසුගිය මාර්තු 07 වන දින හබරණ මරඳන්කඩවල ගලපිටගලදී ලොරියක ගැටීමෙන් මෙම ඇතා තුවාල ලැබූ අතර අනතුරෙන් ඇතාගේ එක් දළයක් සම්පුර්ණයෙන් ශරීරයෙන් වෙන්ව ගොස් තිබුණා.