24 C
Colombo
Sunday, November 17, 2024

ඊලෝන් මස්ක් Tiwtter සමාගම මිලට ගනියි

- Advertisement -

ලොව ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන Tiwtter සමාගම මිලදීගෙන තිබෙනවා.

එම සමාගම මිලදී ගන්නේ ලාභ අපේක්ෂාවකින් තොරව බව එම මිලදී ගැනීමට පෙර සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු පැවසූ අතර අදාල සමාගම මිලදී ගැනීම සම්බන්ධ නිවේදනයේ ඔහු පවසා සිටියේ ට්විටර් සමාජ මාධ්‍යජාලයේ ඇති භාෂණයේ නිදහස සහ තාක්ෂණික දියුණුව කෙරෙහි තමා ආකර්ශනය වූ බවයි.

ඊලෝන් මස්ක් සතුව ඒ වන විටත් Tiwtter සමාගමේ කොටස් පැවති අතර ඉතිරි කොටස් සඳහා ඔහු විසින්  ලබාදී තිබූ ලංසුව ඩොලර් බිලියන 44 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙහි සකච්ඡා පවත්වා අවසානයේ Twitter සමාගම ඊලෝන් මස්ක් වෙත අලෙවි කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ පුවත් මවන මස්ක්ගේ මෙම පියවර ද ලෝකය පුරා කතාබහට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වෙනවා. ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය ජය...

අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් 

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය...

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ  පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES