31 C
Colombo
Friday, October 18, 2024

ඇල්පිටිය අතිරේක තැපැල් ඡන්ද දිනය අද

- Advertisement -

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද (18) ක්‍රියාත්මක වනවා.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 14 වන දින තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද දිනයේදි තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලයේදී රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්දය 90% කට වැඩි ප්‍රමාණයක් සලකුණු කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධින කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා සඳහන් කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...