නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින්ගේ වෘත්තීය ගැටළු සාකච්ඡා කිරීමට එක්වෙමින්.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත්, රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.