31 C
Colombo
Friday, October 18, 2024

කැලෑ හමුදා ඇඳුම් ඇඳ තිස්ස වැව හාරන චීන ජාතිකයින් ගැන තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවුඩයක්

- Advertisement -

තිස්සමහාරාමයේ පිහිටි තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරතව සිටින කැලෑ හමුදා ඇදුම් ඇඳගත් චීන ජාතිකයින් සම්බන්දයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

මේ සම්බන්දයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය එම ප්‍රවෘත්තිය වාර්තා කළ සිරස නිවුස් ෆස්ට් ආයතනය ප්‍රශ්න කර තිබෙනවා.

අදාළ ට්විටර් පණිවුඩය මගින් තානාපති කාර්යාලය ප්‍රශ්න කර ඇත්තේ තොරතුරු සත්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම මාධ්‍යකරණයේ තිබිය යුතු අනිවාර්ය කරුණක් නොවන්නේද යන්නයි.

එමෙන්ම ක්ලික්බයිට් හෝ වැරදි තොරතුරු මාධ්‍යයක විශ්වසනීයත්වයට හානි දායක විය හැකි බවද තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා.

ඒ සමඟ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන චීන ජාතික ජැක් මා ට අයත් Alibaba.com වෙබ් අඩවිය උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි කැලෑ හමුදා ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමටද ඇති බවයි.

කෙසේ වෙතත්‍ මෙම පිරිස හමුදා සාමාජිකයන්ද, නැතහොත් වැව ප්‍රතිසංස්කරණය කරන්නට පැමිණි කම්කරුවන්ද යන්න පිළිබදව පැහැදිළි කිරීමක් වෙනුවට මෙවැනි අපැහැදිලි ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇති ආකාරයද දක්නට ලැබෙනවා.

මේ අතර මෙම කැලෑ හමුදා ඇඳුම් ඇඳගත් චීන ජාතිකයින් සම්බන්දයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ එවැනි ඇඳුම් ඇඳගත් පිරිස් මහමඟදී උවද ඕනෑ තරම් දැකගතහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...