කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති එකම විකිරණ යන්ත්‍රය ඊයේ දහවල් බිඳ වැටීම ඊට හේතුව බවයි.
මෙවැනි යන්ත්‍ර දෙකක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින අතර ඉන් එක් යන්ත්‍රයක් මීට වසරකට පමණ පෙර සම්පූර්ණයෙන් බිද වැටුණා.
ඉන් අනතුරුව හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ යාබදව පිහිටි විශේෂිත ස්නායු ඒකකයේ විකිරණ යන්ත්‍ර භාවිතයෙන් සිදු කෙරුණු අතර ඊයේ බිද වැටී ඇත්තේ එම යන්ත්‍රයයි.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය කියා සිටියේ, මෙලෙස බිද වැටුණු යන්ත්‍ර දෙක වසර 20කට වඩා පැරණි බවයි.