හදිසි නීතිය හරහා සාමාකාමී රැස්වීමට ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය නැති නොවන බව නීතීඥ චන්දන බොතේජු මහතා පවසනවා.
ව්‍යවස්ථාවේ 14 වගන්තිය යටතේ ජනතාවට ලැබී ඇති සාමාකාමී රැස්වීමේ අයිතිය ජනතාව ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම, ව්‍යවස්ථාවේම 155වන වගන්තියේ 2වන උපවගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවක් හේතුවෙන් ව්‍යවස්ථාවේ අනෙකුත් කිසිඳු විධිවිධානයක් අහෝසි නොවන බවත් එබැවින් සාමකාමීව අරගල කිරීමට සියලු දෙනා වීදි බැසිය යුතු බවයි ඔහු පවසන්නේ.
ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු අයිතියක් නොමැති බැවින් මෙම තත්වය වෙනස් කිරීමට ජනතාව මැදිහත් විය යුතු බවයි වැඩිදුරටත් ඔහු අවධාරණය කරන්නේ.