ජනාධිපතිවරයා විසින් පත්කළ තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා, දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ ඊයේ (06) යාපනයේ දී විරෝධතාවයක නිරත වි තිබෙනවා.
තල් සංවර්ධන මණ්ඩලය සදහා එක් සතියක් ඇතුළත දී සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ අතර දෙවනි වරට පත්කරණ ලද තැනැත්තා දූෂිත පුද්ගලයෙකු මෙන්ම සමාජ විරෝධී ක්රියා ගණනාවකට සම්බන්ධ අයෙකු බව පවසමින් යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයේ සේවක සේවිකාවන් විරෝධතාවයක නිරතවි තිබුණා.
ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති නිසා වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කල යුතු බව පවසමින් විරෝධාතාවයක නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා.
දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කල පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සදහන්.