26 C
Colombo
Wednesday, April 30, 2025

සේවකයින් ඇඟලුම් ප්‍රධානියාව නිවාස අඩස්සියට අරන්

- Advertisement -

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා විරෝධයක නියැලීමත් සමග අදාළ ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඊයේ (08) රාත්‍රියේ මෙම තත්ත්වය හට ගෙන තිබුණා.

මෙහිදී විරෝධතාකරුවන් ආයතන පිවිසුම් දොරටුව අඟුලු දමා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධයේ නියැලුනු බවයි වාර්තා වන්නේ.

ආයතන පාලන අධිකාරිය විසින් ඊයේ උදෑසන බෝනස් ලබානොදීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇති අතර, එහිදී ද ආයතන ප්‍රධානීන් සහ සේවකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

විරෝධතාවයට එක්වූ සේවකයින් පවසා ඇත්තේ, අවුරුදු බෝනස් ලබාදෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

පසුව ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලීසියට දැනුම්වත් කිරීම සමඟ විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අදාළ කර්මාන්තශාලාවට යොදවා තිබෙනවා.

එහෙත් අද (09) උදෑසන වනතෙක්ම සේවකයින් ආයතන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණු බවට වාර්තා වනවා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළා.

අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 02 වන දින ප්‍රකාශයට පත්කර ඇති අතර එය අප්‍රේල් මස 5 වන දින සිට එම බදු පැනවීම ක්‍රියාත්මක වනු ඇති.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES