යූරෝ කුසලාන අවසාන මහා තරඟය වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ සත්කාරක එංගලන්තය හා ඉතාලිය අතරයි.
ඉතාලිය ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ 10 (ලෝක කුසලාන 6 / යූරෝ කුසලාන 4) වන අවස්ථාව මෙයයි.
1968 දී යූරෝ කුසලානය දිනූ ඉතාලිය 2000 (ජර්මනිය හමුවේ) හා 2012 (ස්පාඤ්ඤය හමුවේ) අවසන් මහා තරඟ පරාජයට පත් වුණා.
එංගලන්තය යූරෝ කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි.
එමෙන්ම 1966 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගැනීමෙන් අනතුරුව එංගලන්තය ප්‍රධාන පෙලේ පාපන්දු තරඟාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 55කට පසුව පළමු වරටයි.
ඉරිදා උදෑසන සිටම ප්‍රේක්ෂකයන් වෙම්බ්ලි ක්‍රීඩාංගනයට රැස්ව සිටි අතර තරගය ආරම්භක මොහොත වන විට ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබුණා.
55 වසරකට පසු පාපන්දු අවසන් මහා තරඟයකට තම රට සුදුසුකම් ලැබූ අවස්ථාවේ එය නැරඹීමට නොහැකිවීමෙන් ඉච්ඡාභංගත්වයට පත් ක්‍රීඩාංගනයෙන් පිටත රැස්ව සිටි දස දහස් ගණක් වූ ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙස හැසිරෙන ආකාරයත් දක්නට ලැබුණා.
තරඟය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේදීම(1:52) සමස්ත එංගලන්තයම අමන්දානන්දයට පත්කරමින් Luke Shaw ගෝලයක් ලබා ගත්තා.
එය ඔහුගේ පළමු ජාත්‍යන්තර ගෝලය වීමද විශේෂත්වයක්.
එ අනුව පළමු අර්ධය නිමාවන විට එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණේ පසුවුණා.
තරඟයේ පුරාම පැතිරුණු එංගලන්ත ආධිපත්‍යයට Leonardo Bonucci අභියෝග කළේ 67 වන මිනිත්තුවේදීයි.
Marco Verratti හිසින් ලබා ගැනීමට උත්සාහ කළ ගෝලය වැලැක්වීමට එංගලන්ත දැල් රකින්නා, Jordan Pickford අති දක්ෂ වුවද ඔහුගේ දෑත්වල වැදී ඉදිරියට පැමිණි පන්දුව තාක්ෂණය, වේගය මෙන්ම උපක්‍රමශීලීත්වයත් සුසංයෝග කරමින් අසුරු සැනෙකින් යලි දැල තුලටම රිංගවීමට Bonuncci සමත් වුණේ ඔබ තවමත් ජයග්‍රාහකයන් නොවේ යැයි සමස්ත එංගලන්තයටම ඉඟි කරමින්.
ඒ අනුව දෙපිළටම විවෘත වු තරඟය තුළ යළි ගෝලයක් ලබා ගැනීමේ පහසු අවස්ථාවක් Domenico Berardi අතින් අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියා.
එලෙස දෙපිළටම විවෘත වූ තරඟයේ නියමිත කාලය අවසන් වූයේ 1-1ක් ලෙස යූරෝ කුසලානය දෝතින් දැරීමට නිශ්චිත ජයග්‍රාහකයෙක් නොමැතිවයි.
ජයග්‍රාහකයා සොයා තවත් මිනිත්තු 30ක අමතර කාලයක් තරඟය පැවැත්වුණා.
නමුත් ජයග්‍රාහකයෙක් තෝරා ගැනීමට එම කාලයද ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා නිර්ණය කිරීමේ අවස්ථාව එළැඹුණා.
පළමු අවස්ථාව ඉතාලියට හිමිවූ අතර එය සාර්ථක කරගත් Domenico Berardiට සාර්ථකව ප්‍රති අභියෝග කල එංගලන්ත නායක Harry Kane සිය උත්සාහයද සාර්ථක කරගත්තා.
Andrea Belottiගේ උත්සාහය ව්‍යර්ථ වෙද්දී Harry Maguire එංගලන්ත බලාපොරොත්තු දැල්වූයේ පන්දුව සාර්ථකව දැල තුලට යොමු කරමින්.
Leonardo Bonucci සහ Federico Bernardeschi තෙවන සහ සිව්වන අවස්ථා දෙකම සාර්ථක කරගත්තේ තරඟයේ වැඩි ගෞරව ඉතාලියට අත්කර දෙමින්.
නමුත් Marcus Rashford හා Jadon Sanchoට තම උත්සාහයන් ගෝල බවට පරිවර්තනය කරගැනීමට හැකි වූයේ නැහැ.
පස්වන දඬුවම් පහර සාර්ථක කරගැනීමට Jorginhoට නොහැකි වුණේ පරාජය නොවී සිටීමට එංගලන්තයට තවත් අවස්ථාවක් ඉතිරි කරමින්.
ඒ අනුව රටක් සහ ජාතියක් පිළිබඳ එම වගකීම උරමත දරාගත් පාපහරකින් නිවැරැදි කෝණයෙන් පන්දුව දැල තුලට යොමු කිරීම දහනව හැවිරිදි Bukayo Sakaට පැවරුණා.
ඔහුගේ පා පහරින් නික්මුණු පන්දුවත් සමග යූරෝ කුසලානයත් සුරැකිව ඩැහැ ගැනීමට ඉතාලි දැල් රකින Donnarumma සමත් වුණේ සමස්ත එංගලන්තයම හඬවමින්.
ඒ අනුව දඬුවම් පහර 3-2ක් ලෙස යූරෝ කුසලානයේ පහස දෙවන වරටත් විඳගැනීමට ඉතාලිය සමත් වුණා.
ඒ 1968 ජයග්‍රහණයෙන් වසර 53කට පසුවයි.
එමෙන්ම මෙය ඉතාලියේ හයවන (ලෝක කුසලාන 4 – යූරෝ කුසලාන 2) ප්‍රධාන පෙලේ පාපන්දු තරඟාවලි ජයයි.