ශ්රි ලංකා හා එංගලන්ත ක්රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ක්රිඩකයින් නතරව සිටින ගාල්ල සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට අද (18) තහවුරු වී ඇත.
මෙම ආසාදිතයන් දෙදෙනා ගාල්ල සහ කෑගල්ල ප්රදේශවල පදිංචි හෝටලයේ මුළුතැන්ගෙයි හා ලොන්ඩ්රියේ සේවය කරන දෙදෙනෙක් බව වාර්තා වේ. ජනවාරි 14 වන දින මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසුව 16 දින හෝටලයේ සේවකයින් 98 ක් සඳහා පීසීආර් සිදු කර ඇත.