24 C
Colombo
Saturday, November 9, 2024

සාමකාමී විරෝධතාවයන්ට ඇති අයිතිය තහවුරු කරන්න – ඇමරිකානු තානාපතිනිය

- Advertisement -

රඹුක්කනදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

ඇය සදහන් කරන්නේ රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් බලවත් ශෝකයට පත්ව සිටින බවයි.

විරෝධතාකරුවන්ට එරෙහිව නැගෙන ප්‍රචණ්ඩත්වය හා පොලීසියට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය යන දෙපාර්ශවයම තමන් දැඩිව හෙළා දකින බව සදහන් කරන ඇමරිකානු තානාපතිනිය ඉල්ලා සිටින්නේ දෙපාර්ශවයම සන්සුන්ව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය බවත් ජනතාවගේ සාමකාමී විරෝධතා දැක්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවත් ඇය සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

අද හවස ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

POPULAR ARTICLES