24 C
Colombo
Friday, November 8, 2024

වතුකරයේ ජනතාවට සමාන අයිතිවාසිකම් දිය යුතුයි – මිහින්තලේ හිමි

- Advertisement -

සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඉන්දියාවේ සිට වසර 200කට පෙර ⁣වැවිලි කර්මාන්ත සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේට ගෙන ආ ⁣ම⁣⁣ලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවගේ එම ගමන සිහි කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේට පාගමනින් පැමිණෙන පිරිස මහින්තලේ මංසන්ධියේදී පිළිගත් අවස්ථාවේදීයි.

ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්ත සඳහා වසර 200කට පෙර මන්නාරම හරහා වතුකරයට ගෙන ආ ම⁣⁣ලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවට නිවාස, ඉඩම් ඇතුලු සියලුම සමාන අයිතිවාසිකම් ලබා දිය ⁣යුතු බවද උන්වහන්සේ සඳහන් කළා.

“දේශපාලනඥයන් අපි අතර අසමගිය ඇකි කළා. කුලවාද ඇති කළා. ආගම් බේද ඇති කළා. අපි හැමෝම ගිහි පැවදි විතරයි. වෙන කවුරුත් නෑ. කොයි කුලෙත් එකයි. කැපුවොත් රතු ලේ.

දෙමළ සිංහල මුස්ලිම් පාසල් වෙනම හැදුවා අපිව වෙන් කරන්න. හරියට ලිප්ගල් තුනක් වගේ. ඒ සිංහල දෙමළ සහ මුස්ලිම් කියන ලිප් ගල් තුනේ තමයි දේශපාලකයො උයන්නේ. අපට එකතු වෙන්න දෙන්නෑ. මම කියන්නේ සිංහල දරුවො දෙමළ ඉගෙන ගන්න ඕනෑ. දෙමළ මුස්ලිම් දරුවො සිංහල ඉගෙන ගන්න ඕනෑ.

අපි සමගි වුණොත් ඔවුන්ට කරගෙන යන බිස්නස් එක නතර කරන්න වෙනවා. අපි දෙමළ සිංහල මුස්ලිම් කියලා කොටවලා බලය ගන්න දේශපාලනඥයො දඟලයි. ඒක වෙන්න දෙන්න එපා. කලින් එහෙම වුණා. ආයේ ජාති, ආගම් බේද ඇතිවෙන්න දෙන්න එපා. හැමෝටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි.”

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES