අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම මත්පැන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.
“පහුගිය කාලෙ දිගටම අරක්කු නිශ්පාදනය සඳහා බාල වර්ගයේ බඩ ඉරිඟු අඩු මිලට අරගෙන ජනතාවට අහිතකර අරක්කු නිෂ්පාදනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් එතනෝල් ලීටරයක් උක්ගස්වලින් හදනකොට මිල තිබුණා රුපියක් 800- 1000ක් විතර නමුත් තුන්වෙනි මට්ටමේ මඩ ඉරිඟු මිලදී ගන්න්කොට රුපියල් 173කට විතර ලීටරයක් හදන්න පුලුවන්, රුපියල් 173කට විතර එතනෝල් ලීටරයක් හදන ඒවා තමයි 3800කට විතර අරක්කු බෝතලයකට දෙන්නේ, බොන මිනිස්සු මේවා දන්නේ නැහැ, අරක්කු බොන මනුස්සයා අසාධාරණයකට ලක් වෙනවා, ලංකා සීනි සමාගමේම අතුරු නිෂ්පාදනයක් හැටියට ජනතාවට අඩු වියදෙමෙන් මධ්‍යසාර නිෂ්පාදනයක් අපිට කරන්න බැරි කමක් නැහැ”