26.5 C
Colombo
Thursday, November 14, 2024

ඇමති පුතෙක් උනත් දරුවොන්ගෙ අතින් වැරදි වෙනවා..! – නාමල්

- Advertisement -

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා දරුවෙක් බවත් දරුවන් අතින් වැරදි වෙන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“යම් සිදුවීමක් වෙලා තියෙනවා. ඒ දරුවව අත් අඩංගුවට අරන් තියෙනවා. අපිට කිසිම උවමනාවක් නෑ නීතිය හංගන්න. ඇමතිවරයෙක්ගේ ළමයෙක් උනත් එක රටක්-එක නීතියක් ක්‍රියාත්මක වෙනවා. ඔහු වැරදි නම් දඬුවම් ලැබෙයි, හැබැයි ඔහු නිර්දෝශීයි නම් ඒක ඔප්පු කරන්න ඒ දරුවට අවස්ථාව තියෙන්න ඕනේ.

ඒ වගේම, මේ සිද්ධියට හේතු උනේ මොකක්ද? ඒ නවක වධය නම් ඊට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. හැබැයි නව්වක වධය නවත්වන්න මැර බලය පාවිච්චි කරන්නත් බෑ.

අමාත්‍යවරයෙක්ගෙ දරුවෙක් උනාට පොලිසියට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් දරුවො කියන්නේ දරුවෝ නේ? දරුවොන්ගෙ අතින් වැරදි වෙනවා”


RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. උදෑසනම...

ගල්කිස්සේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අද (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන්...

කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර...

POPULAR ARTICLES