තමන්ට සක්විති රජකම ලබාදෙන බව පැවසුව ද රාජපක්ෂවරුන් සමග අන්තර්කාලීන ආණ්ඩු නිර්මාණය කිරීමට සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඇඹිලිපිටිය නගරයේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.
කෙසේවෙතත් රටේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බවයි ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.
රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීමේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කළා.