27 C
Colombo
Sunday, March 30, 2025

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

- Advertisement -

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (19) පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ 07 පිහිටි විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

අමාත්‍යවරයා සදහන් කළේ, නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවයි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බවත්, පනත පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේදී දේශපාලඥයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරු පමණක් යෝජනා යොමු කර තිබූ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

නව පනතින් විදුලිබල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇති බව කියන පාර්ශව කඩාකප්පල්කාරීන් බවත්, දේශපාලන බලපෑම් ඉදිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලිබල පනත වඩාත් යෝග්‍ය බවත් ඔහු මෙහෙදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ආන්දෝලනයට තුඩුදුන් නඩු කිහිපයක් මැයි මාසයේ ගේනවා – අනුර

වර්තමානය වන විට ආණ්ඩුවට විරුද්ධව හඬනගන පිරිස, වැඩිපුරම බිය වී සිටින පිරිස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, පළාත්...

නව ජල සැපයුම් ලබා ගැනීම Online ක්‍රමයට

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ WATER...

ව්‍යාජ අංක තහඩු සැකසූ පුද්ගලයෙක් මාට්ටු

සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (29) උදෑසන...

POPULAR ARTICLES