25 C
Colombo
Sunday, November 17, 2024

ඖෂධ ගන්න ඇති තරම් සල්ලි තිබිලත් අරගෙන නෑ – චරිත හේරත්

- Advertisement -

රටත් ජනතාවත් බරපතළ අර්බුදයකට ඇද දමමින් කටයුතු කළ දේශපාලනඥයින් සහ නිළධාරීන් පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

ඒ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ විමර්ශන සහ ප්‍රශ්න කිරීම් හමුවේයි.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් අන්තර්ජාල නාලිකාවකට ආන්දෝලනාත්මක අදහස් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට රට පුරා ඖෂධ හිඟයක් නිර්මාණයවීම සම්බන්ධයෙන් අදහස් දක්වා චරිත හේරත් මහතා අවධාරණය කර ඇත්තේ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් තිබියදීත් එය පැහැරහැර තිබෙන්නේ කොමිස් මුදල් අපේක්ෂාවෙන් ක්‍රියා කරන පුද්ගලයින් කිහිපදෙනෙකු බව මේ වනවිට අනාවරණය වී ඇති බවයි.

රෝහල් තුළ ඇති ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීමට රුපියල් මිලියන 500ක් මුදලක් වැය කර ඇති බවත් මේ වන විටද සෑම මසකදීම රුපියල් ලක්ෂ 50 බැගින් වැය කරමින් සිටින බවත් මෙම සාකච්ඡාවේදී හෙළිව තිබෙනවා.

එසේ සිදු කළද රෝහල් වල ඇති ඖෂධ පිළිබඳ නිවැරදි දත්ත මෙතෙක් ලබා ගත නොහැකි බව ද මහාචාර්ය චරිත හේරත් මහතා හෙළිකර තිබීම විශේෂත්වයක්.

රුපියල අවප්‍රමාණය වීම කෘතිමව පාලනය කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මැදිහත් වීමක් ද සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳවද කෝප් කමිටු සභාපති පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය හේරත් මහතා මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා.

රට බරපතල ආර්ථික අර්බුදයකට ඇද දැමීම සම්බන්ධයෙන් 2008 වසරේ සිට මූල්‍ය විෂය සම්බන්ධයෙන් වගකීම් දැරූ මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන් ප්‍රශ්න කිරීමටත් වගකිවයුත්තන් රටට හෙළි කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විශේෂ කමිටුවක් ස්ථාපිත කරන බවද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES