අද (20) රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූවත් දළදා වහන්සේට කෙරෙන ගෞරවයක් ලෙස ජනතා සහභාගිත්වයෙන් තොරව මහනුවර ඇසළ පෙරහැර පැවැත්වීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබූ තෙවන රන්දෝලි පෙරහැර කිසිදු වෙනසකින් තොරව පැවැත්වීමට නියමිතයි.
එය නැරඹීම සඳහා මහජනතාවට අවසර නොලැබුණද දළදා පෙරහැරේ ගමන් කිරීමට විවිධ සංස්කෘතික හා නැටුම් අංග ඉදිරිපත් කරන විශාල පිරිසක් සහභාගිවනවා.
ඉන් සමහරෙක් මුව ආවරණයක් හෝ නොපලදින ආකාරයද දක්නට ලැබෙනවා.



