සහල් සඟවා ගැනීම, පාලන මිලට ඉක්මවා සහල අලෙවි කිරීම සම්බධයෙන් දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසන්නේ මේ වන විට එවැනි වැටලීම් 200කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.
මෙලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් හා සහල් සඟවන වෙළෙඳුන් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙනවා
එමෙන්ම ඊයේ (14) දිනයේදී දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවද ඔහු පවසා තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂවරයා පවසන්නේ දිරියේදී ද සති අන්තයේ සහ නිවාඩු දිනවලදී වැටලීම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
එමෙන්ම ආනයනික සහල් තොග වෙළෙඳපොළට පැමිණීමත් සමග සහල් මිල අඩුවෙමින් පවතින බවද ඇතැම් ප්‍රදේශයන් හී වී මිලද අඩු වෙමින් පවතින බවටත් මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කරනවා.