29 C
Colombo
Friday, December 27, 2024

අර්බුදයට සියළු දෙනා වගකිව යුතුයි..! – ගෝඨාභය

- Advertisement -

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (23දා) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින්

කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා සහ අදහස් අපේක්ෂාවෙන් සමුළුව කැඳවා තිබිණ. පක්ෂ නායකයෝ සහ නියෝජිතයන් සිය යෝජනා ලිඛිතව හා වාචිකව සභාවට ඉදිරිපත් කළ අතර රටත් ජනතාවත් වෙනුවෙන් සිය උපරිම දායකත්වය සහ කැපවීම සර්ව පාක්ෂික සමුළුවට ඉදිරියේ දී ලබාදෙන බව ද පක්ෂ නායකයන් සහ නියෝජිතයන් කියා සිටින ලදි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් ආර්ථික තත්ත්වය සමුළුවට ඉදිරිපත් කරන ලදි.

සර්ව පාක්ෂික සමුළුව අවංක ප්‍රයත්නයක් වන අතර කිසිඳු දේශපාලන වාසි අපේක්ෂාවක් හෝ පටු අරමුණක් ඒ තුළ නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරන ලදි. රජය කළ ආරාධනය පිළිගත් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනිමින් සහභාගී වූ සියලුම පක්ෂවලට ජනපති සිය ස්තූතිය පිරිනැමූ අතර සහභාගී නොවූ සෙසු පක්ෂ වලට පැමිණ සිය ස්ථාවරය සර්ව පාක්ෂික සමුළුව හමුවේ ප්‍රකාශ කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින ලදි. ඉදිරිපත් කළ සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට හැකි බව ද කියා සිටියේය.

ඇතිවී තිබෙන ප්‍රශ්න වලට සියලු දෙනාම වගකිව යුතු බවත් එබැවින් සියළු දෙනාම එක්වී ඊට පිළියම් සෙවිය යුතු බවටත් මෙහිදී ජනාධිපතිවරයා යෝජනා කර සිටියා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, එක්සත් ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, යන දේශපාලන පක්ෂ නායකයෝ සහ නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of 1 person and indoor
May be an image of 2 people, people sitting and people standing
May be an image of 3 people, people sitting and people standing

RECENT ARTICLES - SINHALA

කතරගම බැතිමතුන්ට පීඩා කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසනවා. මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි...

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

ගාලු කොටුවේ යනවද? මේක දැනගෙන යන්න

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය...

POPULAR ARTICLES

කතරගම බැතිමතුන්ට පීඩා කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසනවා. මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි...

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

පෙරළිකාර කොටස් වෙළෙඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දිනයේදී යළිත් වරක් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඒකක 135.07කින් (0.88%) ඉහළ...