24 C
Colombo
Tuesday, December 17, 2024

හැමදේම කරන්නෙ දරුවො වෙනුවෙන්

- Advertisement -

අභියෝග හමුවේ වුවත් රජය කැපවන්නේ දරුවන්ට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාව සමග ඊයේ (06) දින පෙරවරුවේ එකතු වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“අපි දරුවන්ගෙ දක්ෂතා අගය කරනවා වගේ ම ඒ දක්ෂතා මත ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් සලසන්න ඕන. එවිටයි, දරුවන් දිරිමත් වෙන්නෙ. දරුවන් තමයි, අපේ අනාගතය.

ඔබ සතුව ඇති බලය තමයි, දැනුම. දැනුම ලැබෙන්නේ අධ්‍යාපනයෙන්. දැනුමෙන් පෝෂණය වෙනව කියන්නේ, කිසිවෙකුටත් අත නොපා දෙපයින් නැගී සිටීමට ඔබලාට ලැබෙන අවස්ථාවක්. දුප්පත් පොහොසත් උගත් නූගත් කිසිදු බේදයකින් තොරව තමන්ගෙ දරුවන් දැනුමෙන් පෝෂණය කරන්න දෙමාපියන් කැප වෙන්නේ ඒ නිසයි.කොවිඩ් වසංගතය සමඟ නැවතුන පාසල් අධ්‍යාපනය අපි ක්‍රමානුකූලව ආරම්භ කළේ ඔබේ අනාගතය මෙන් ම රටේ අනාගතය ගැනත් කල්පනා කරලයි.

හැබැයි එදා කොවිඩ්වලට ගෙදර නැවතුනත් දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා කියලා දෙමාපියන් මැසිවිලි නගනවා. වෛද්‍යවරු පවා මේ ගැන අනතුරු අගවලා තියෙනවා. හොඳට වගේ ම නරකටත් තාක්ෂණය ඉවහල් වෙනවා. ඒ නිසා දරුවෝ දැනගන්න ඕනේ වැරදි මඟ නොයා තාක්ෂණයෙන් අපිට ලබාගන්න තියෙන හරි දේවල් සොයා යන්න. දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා, දරුවන්ට නිවැරදි දේ කියා දෙමින් ඔවුන් අධ්‍යනය කරන්න.

අධ්‍යාපනය සඳහා මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් අපි මෙම වර්ෂයේ වෙන්කරල තියෙනවා. ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට පවා සාධනීය විසඳුමක් ලබා දෙන්න අපිට හැකි වුණා. අපි හැම දෙයක් ම කරන්නේ දරුවන් ගැන හිතලා. ඒ නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තහවුරු කරන්න අපි අවුරුදු 18ට අඩු දරුවන් සේවයේ යෙදවීම නීතියෙන් ම දැන් තහනම් කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි පාසල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් පාසල් වෙත යොමු කරන්නත් අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ඔබට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන සැබෑ දක්ෂයන් ලෙස ඉදිරියට එන්න. අභියෝග හමුවේ වුවත් අද අප මේ කැපවන්නේ ඔබට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව සිහි තබාගන්නා ලෙස ඉල්ලනවා”

RECENT ARTICLES - SINHALA

සජිත් මෙහේ O/L කළේ නැහැ – නලීන් බණ්ඩාර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා එහි විශ්ව විද්‍යාලයක උපාධිය ලබා තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

නීතිඥකම ගැන ඇසූ අයට නාමල්ගෙන් සැර උත්තරයක්

නීති විද්‍යාලයේ නිත්‍යානුකූල ක්‍රමවේදයට තමන් ලියාපදිංචි වූ බවත් ඕනෑම විභාගයක් ලිවීමේදී ශාලාවෙහි අසුන් ගැනීම පිළිබඳව තීරණය කරන්නේ විභාග පවත්වන ආයතනය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී...

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

POPULAR ARTICLES