30 C
Colombo
Saturday, November 16, 2024

පාර්ලිමේන්තුවෙන් විසිවුණු හිටපු මැති ඇමතිවරු

- Advertisement -

ජාතික ජන බලවේගයෙන් අලුත් පිරිසක් පාර්ලිමේන්තු වරම් ලැබීමත් සමඟ හිටපු මැති ඇමතිවරු රැසකට පසුගියදා (14) පැවති මහ මැතිවරණයේදී සිය මන්ත්‍රිධුර අහිමි වී තිබෙනවා.

විවිධ පක්ෂ නියෝජනය කරමින් මැති ඇමතිකම් දැරූ ප්‍රකට දේශපාලනඥයින් මෙන්ම පසුගිය රජය නියෝජනය කළ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද එම ලැයිස්තුවට අයත්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණු හිටපු ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක ,කොළඹ හිටපු නගරාධිපතිනි රෝසී සේනානායක සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්ම මහත්මීන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් ලැබී නැහැ.

එමෙන්ම සර්වජන බලයෙන් තරග වැදුණු හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාද පරාජයට පත්ව තිබෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු  හිටපු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාද පරාජය වුණා.   

සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉරාන් වික්‍රමරත්න සහ මනෝ ගනේෂන් යන මහත්ම මහත්මීන්ද ඡන්ද පරාජිතයින් අතරට ඇතුළත්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරාජයට පත් වුණා.

හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිව නැහැ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වැදුණු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාද එක් පරාජිතයෙක්.

හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද මෙවර ඡන්දයෙන් පරාජය වුණා.

සමගි ජන බලවේගයෙන් තරග කළ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා තවත් පරාජිතයෙක්.

එම පක්ෂයෙන් පසුගියදා මැතිසබයට පිවිසි බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතාද පරාජිතයින්ගේ ලැයිස්තුවේ රැඳී සිටිනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායකත්වය දැරූ හිටපු මන්ත්‍රී නිපුණ රණවක මහතාද මෙවෙර පරාජිතයෙකු බවට පත්ව සිටිනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය හෙබවූ කංචන විජේසේකර මහතාටද මෙවර ජනතා වරම් හිමි වී නැහැ.

සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රකට දේශපාලනඥයෙකු වූ, දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතාද පරාජිතයන් අතර සිටිනවා.

බදුල්ල දිස්ත්‍රික්කයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණු හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පමණක් නොව, හිටපු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේ සභානායකවරයෙකුද වූ නිමල් සිරිපාල ද සිල්වා යන මහතාද පරාජිතයෙකු බවට පත්ව තිබෙනවා.

සමගි ජන බලවේගයෙන් තරග වැදුණු ප්‍රකට දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නැහැ.

මෙවර මාතලේ දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාටද ජනතා වරම් ලැබී නැහැ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ පළපුරුදු දේශපාලනඥයෙකු හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න,හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ද පරාජිතයින් අතරයි.

කළුතර දිස්ත්‍රික්කය සඳහා සර්වජන බලය පක්ෂයෙන් තරග වැදුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ,එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයෙන් තරග කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන් මහතාටද ජනතා වරම් හිමිව නැහැ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක, හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාද පරා වී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන්  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වැදුණු  හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද තවත් පරාජිතයෙක්.

මෙවර පාර්ලිමේත්තු මැතිවරණය සඳහා තරග වැදුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද පරාජයට පත්ව තිබෙනවා.

හිටපු අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාද සිටින්නේ පරාජිතයින්ගේ ලැයිස්තුවේයි.

යාපනය දිස්ත්‍රික්කයට ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග වැදුණු හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද මෙවර ඡන්දයෙන් පරාජය වී තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් තරග වැදුනු එම්.ඒ.සුමන්තිරන් මහතාද තවත් පරාජිතයෙක්.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කළ අංගජන් රාමනාදන් මහතාටද පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයට තමිල් මක්කල් විඩුදෙලෙයි පුලිගල් පක්ෂයෙන් තරග වැදුණු පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාටද පාර්ලිමේන්තුවට පිවිසෙන්නට හැකි වී නැහැ.

RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණන බෙදී ගිය හැටි මෙන්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබනවා. ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා...

ජන්දේ දාන්න ගමේ ගිය අයට අද සිට බස් සේවා

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ලං.ග.ම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන...

මෙවර පාර්ලිමේන්තුවට යන කාන්තාවන්

2024 පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වූ අතර ජාතික ජන බලවේගය මෙවර...

POPULAR ARTICLES