27.7 C
Colombo
Saturday, November 23, 2024

නිධානය සොයා අදත් කැණීම්

- Advertisement -

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බවයි වේයන්ගොඩ පොලීසිය පවසන්නේ.

එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය වී තිබුණා.

ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසයි.

එම කැණීම් සඳහා දින දෙකක කාලයක් ලබා දී තිබූ අතර, ඒ අනුව ඊයේ සහ පෙරේදා දිනවල එහි කැණීම් සිදු කළා.

කෙසේවෙතත් ඊයේ පස්වරුව වන විටත් එය අවසන් කිරීමට නොහැකි වූ අතර, දැවැන්ත ගලක් හමුවීමත් සමග ඊයේ දිනයේ කැණීම් තාවකාලිකව නවතා දැමුණා.

RECENT ARTICLES - SINHALA

කොස්ලන්දේදී ගෙල කපා පුද්ගලයෙක් ඝාතනය කරලා

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා, පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති...

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී...

සුව ඇමති සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු පළමු වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (22) දින සාකච්ඡා...

POPULAR ARTICLES