26 C
Colombo
Saturday, November 23, 2024

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

- Advertisement -

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන් කර තිබෙනවා.

කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් මෙම කැණීම්වලින් හමුවී නැහැ.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා හමුවේ පසුගිය සමයේ විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබුණා.

කෙසේ වෙතත් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවී ඇති බව බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා.

ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසයි.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ පසුගියදා (21) නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කළා.

පළමු දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කැණීම්වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවන දිනය වූ ඊයේ කැණීම්වලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයා ගැනුණා.

එම ගල ඉවත් කිරීම සඳහා ඊයේ (22)දහවල් දොඹකරයක් ද රැගෙන ආනමුත් එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා.

කැණීම් කටයුතු සඳහා අත්නගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින දෙකක් පමණක් බැවින් එම කාලය ඊයේ පස්වරුවේ අවසන් වුණා.

වේයන්ගොඩ පොලීසිය පැවසුවේ, පසුව යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් ලෙස අද දිනයත් ලබා ගත් බවයි.

ඒ අනුව තුන්වන දිනටත් නිධානය සොයා කැණීම් කටයුතු අද පෙරවරු 9ට ආරම්භ කෙරුණා.

විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.

අනතුරුව ගල් කැබලි මහජනතාව ඉදිරියේ කුඩු කරනු ලැබුවා.
නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව අද පස්වරු 4ට කැණීම් කටයුතු අවසන් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES