රට තුළපවතින ඩොලර් අර්බුදය හේතුවෙන් පොලිස් අශ්වයන්ට රට කෑම ලබාදීම අර්බුදයට ලක්ව තිබෙනවා.
ඒ අනුව මේ වන විට කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් අශ්වාරෝහක කොට්ඨාස ආරංචි මාර්ගවලින් සඳහන් වන්නේ අශ්වයන්ට දේශීයව ආහාර වර්ග ලබාදීමේ මෙම වැඩපිළිවෙල සාර්ථකව වී ඇති බවයි.
මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.
අද වන විට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයෙන් 36 දෙනෙකු සිටියද එය රාජකාරී කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි.
පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයෙකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්ත වෙනවා.
මේ වන විට පොලිස් ආශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් කිහිප දෙනෙක් වයස්ගත සහ අසනීප මට්ටමේ පසුවන අතර වයස්ගත අශ්වයෙකු පසුගිය මාසයේ දී මියගොස් තිබෙනවා.
මේ අතර අශ්වයන් සඳහා රටින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවද පොලිස් ආරංචි මාර්ගවලින් පෙන්වා දෙනවා.