30 C
Colombo
Sunday, October 6, 2024

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

- Advertisement -

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව පත්කර ඇති බවයි.

ඊට අමතරව අදාළ එන්නත සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියෙන් ද වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව, අදාළ වාර්තා කඩිනමින් ලබාදෙන්නැයි අදාළ අංශවලට නියෝග කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

උදරයේ ආම්ලිකතාවක් හේතුවෙන් අදාළ තරුණිය රෝහල්ගත කර තිබුණේ, පසුගිය දෙවැනිදා උදෑසනයි.

පළමු වැනිදා උදෑසන සිට උදරයේ ආම්ලිකතාව හේතුවෙන් ඇය පීඩා විඳි නිසා, පසුදින උදෑසන විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට ඇතුළත් කළ බව මව්පියන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇයට එන්නත් කිහිපයක් ලබාදුන් බවයි.

එය විෂ වී සිය දියණිය මියගිය බවට මව්පියන් චෝදනා කළා.

එලෙස මියගොස් ඇත්තේ, හසලක ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

RECENT ARTICLES - SINHALA

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

බාල සහොයුරා සමඟ ආරවුලක් ඇති ගැනීම හේතුවෙන් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ ඝාතනය...

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා. සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....