31 C
Colombo
Wednesday, April 23, 2025

මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග

- Advertisement -

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය පංච පුද්ගල බහුවිධ විශේෂඥ කමිටුවට නියෝග කර තිබේ.

මේ වන විට රාගම රෝහලේ තබා ඇති එම දේහයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පොලිස් ආරක්ෂාව යටතේ අයි.ඩී.එච් රෝහලට ප්‍රවාහනය කර එහිදි පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

උතුරු කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය වෛද්‍ය නිලධාරී සඳුන් විජේවර්ධන, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කොළඹ අයි.ඩී.එච්  රෝහලේ වෛද්‍ය චන්න පෙරේරා, ප්‍රධාන අධිකරණ දකුණු කොළඹ කළුබෝවිල සී.පී. දසනායක, කොළඹ වෝහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය ජීන් පෙරේරා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස පරීක්ෂක ඩී.ජී. මඩවල යන මහත්වරුන්ට එම නියෝගය සිදුකර තිබේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ, පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පවත්නා සෞඛ්‍ය හේතූන් මත අදාළ දේහයන් තවදුරටත් රඳවා තබා ගැනීම අනතුරුදායක වන බැවින් ඒවා ආදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් එම මරණ අපරාධ විමර්ශනයක් සිදුකරන මරණ වන බැවින් විද්වත් මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පියවර ගන්නා බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නඩුව ලබන 16 වනදා යළි කැඳවීමට නියමිතය.

-අද දෙරණ

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනා කමිටුවෙන් තීරණයක්

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතා සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණයද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා. අද...

හෙට, අනිද්දා දළදා වන්දනාවට එන්න එපා! – පොලීසියෙන් ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමට අපේක්ෂා කරන සැදැහැවතුන්ට පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලීසිය ඉල්ලා සිටින්නේ හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ වන්දනාමාන...

දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට කමිටුව පත්කෙරේ

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහාවන ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම...

POPULAR ARTICLES