කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමේ සිදුවීමක් වාර්තා වන බව පොලීසිය සදහන් කරනවා.
අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා.
මෙම පිපිරීමෙන් එම නිවසට දැඩි ලෙස හානි සිදුව තිබූ නමුත් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ.
ගෑස් සිලින්ඩර හේතුවෙන් මේ වන විට දිවයින පුරා ස්ථාන රැසක පිපිරීමේ සිදුවීම් වාර්තා වනවා.
වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.
කෙසේ වෙතත් ලිට්‍රො ගෑස් සමාගම පවසන්නේ ගෑස් වල පවතින ප්‍රමිතියේ අඩුවක් හේතුවෙන් මෙලෙස පිපිරීම් සිදුවන බවට වන චෝදනා තම සමාගම ප්‍රතික්ෂේප කරන බවයි.