26.3 C
Colombo
Saturday, March 15, 2025

පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක්

- Advertisement -

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට ආරක්ෂ අංශ පවසා ඇත්තේ තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු බව සඳහන් වනවා.

ප්‍රහාරය කවුරුන් විසින් සිදුකර ඇතිත යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

පසුගිය කාලයේ ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන දේශසීමා ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න වෙමින් පැවතුණා.

පසුගිය මාසයේ ද වයඹදිග පකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හයදෙනෙකු මියගොස් තිබුණා.

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමඟ බලොකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පසුගිය දා පැහැරගෙන තිබුණා.

පසුව ආරක්ෂ අංශ සහ බෙදුම්වාදී අතර ඇති වු වෙඩි හුවමාරුවේදී සටන්කාමීන් 33 දෙනෙකු සහ ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු ද මියගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

අදත් දුම්රියක් පීලි පැනලා

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - කොළඹ කොටුව...

ජනපති සහභාගී වූ විශේෂ ඉෆ්තාර් උත්සවය

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඉස්ලාම් ආගමික නායකයින්...

ඉරාන තෙල් බෙදපු මෙරට සමාගමකට සම්බාධක

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් "ෂැනන් 2"...

POPULAR ARTICLES