පකිස්ථානයේ Khyber Pakhtunkhwa දිස්ත්‍රික්කයේ Swat නිම්නයේ ක්‍රියාත්මක අන්‍තවාදී සටන්කාමී කණ්ඩායම්වල ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීමට පකිස්ථානයේ දේශපාලන නායකත්වය මෙන්ම එරට හමුදාව ද අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ හමුවේ Swat නිම්නයේ ක්‍රියාත්මක තලෙයිබාන් සංවිධානයට අනුබද්ධ Tehrik Taliban Pakistan සංවිධානය යළිත් සන්නද්ධ වෙමින් සිටින බව එම මාධ්‍ය පෙන්වා දෙයි.
එහි ප්‍රථිපලයක් ලෙස Swat නිම්නයේ TTP සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වසරේදී පමණක් Swat නිම්නයෙන් ත්‍රස්ත ප්‍රහාර වලින් සිවිල් වැසියන් 7 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එවන් පසුබිමක් මධ්‍යයේ Swat නිම්නයේ ජන ජීවිතය ආරක්ෂා කිරීමට හැකි පරිදි ශක්තිමත් ආරක්ෂාවක් යෙදවීමට පකිස්ථානයේ දේශපාලන නායකත්වයට මෙන්ම හමුදා නායකත්වය ද අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
පකිස්ථානයේ මෙම දුර්වල නායකත්වය හේතුවෙන් TTP සංවිධානය ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයේ සහය ඇතිව තවත් සන්නද්ධ වෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.
එමෙන්ම තලෙයිබාන් සංවිධානය කිසිලෙසකින් හෝ Durand දේශසීමාව පිලිනොගන්නා බවත් එහි පැමිණ පකිස්තානයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එරට බන්ධනාගාර තුළ සිටින TTP සංවිධානයේ ප්‍රභලයින් නිදහස් කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.
එහෙත් එවැනි ක්‍රියාකාරකම් කිසිවක් වැළැක්වීම සදහා පකිස්ථානයේ දේශපාලන නායකත්වය කටයුතු කර නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.