29 C
Colombo
Sunday, October 27, 2024

ගොවියෝ අසරණ වෙලා – රෝහිණි කවිරත්න

- Advertisement -

උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රෝහිණී කවිරත්න මහත්මිය කියා සිටියේ දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය හා ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි එළවළු හා පළතුරු මිල පහත වැටී ඇති බවයි.

එමෙන්ම ගොවියාට නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් හිමි වන්නේ නැති බවත් අස්වැන්න නෙලීම, ආර්ථික මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහණය කිරීම සහ කොමිස් මුදල් ගෙවීමෙන් පසුව කිසිදු ආදායමක් හිමි නොවන තත්වයකට ගොවීන් පත්ව ඇති බව සඳහන් වනවා.

මෙම තත්වය පාලනය කිරිම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවත් ඇය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එසේ වුව ද, ලංකාව පුරා ප්‍රධාන නගර සහ අර්ධ නාගරිකයේ තවමත් එළවළු මිල ඉහළ මට්ටමක පවතින අතර ගොවියාට ලැබෙන මිල සහ පාරිභෝගිකයා අතට පත් වන මිල අතර පරතරය තුන් ගුණයක් හෝ හතර ගුණයක් තරම් ඉහල ගොස් ඇති බව ඇය අනාවරණය කර සිටියා.

කෙසේවෙතත් මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු යැයි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

ව්‍යාජ බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල්...

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 7ක් රෝහලට

පුත්තලම - කොළඹ පාරේ අද (27) දවල් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ වැදීමෙන් මෙම අනතුර...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...