25 C
Colombo
Monday, November 18, 2024

ගොවීන් අසාධාරණ නෑ – මගේ දේශපාලන ජීවිතයත් විනාශ උනා

- Advertisement -

වසර 32ක තම දේශපාලන ජීවිතිය කාබනික පොහොර වැඩසටහන හේතුවෙන් විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් නඟන චෝදනා අසාධාරණ නොවන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේක අසාර්ථක වෙන්න තව හේතු ගණනාවක් බලපෑවා. පළවෙනියට ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව වෙනුවෙන් ආණ්ඩුව හිටගත්තෙත් නෑ. මම අවුරුදු 32ක දේශපාලනය නැති කරගත්තා මේකෙන්. මම කෘෂිකර්ම ඇමති උනාට මගේ රාජ්‍ය අමාත්‍යතුමා තමා පොහොර විෂයභාර ඇමති. එතකොට මම මේ වෙනුවෙන් හිටියේ වෙන මුකුත් නිසා නෙමෙයි මගේ නායකයා ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් මම ප්‍රතිපත්තියක් හැටියට හැමදාම නායකයා වෙනුවෙන් ඉන්නවා.

දෙවැනි එක මේ තීන්දුව නරක දෙයක් නෙමෙයි. මගේ හෘද සාක්ෂියට එකඟව හොඳ දෙයක් නිසා ගුටි කාගෙන හරි බැනුම් අහගෙන හරි මම මේ වෙනුවෙන් හිට ගත්තා. හැබැයි අපි අවංකව පිළිගන්නවා මේ කන්නයේ අපි කරපු දෙය අපිට හරියට කරගන්න බැරි වුණා කියලා. ඒක බොහොම අවංකව පිළිගන්නවා. ඒ නිසා මේ ගොවියෝ කරන උද්ඝෝෂණ, ගොවියෝ කරන චෝදනා කිසිවක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වේදනාව සාධාරණයි.

පොහොර මිල ඉහළ ගියා ප්‍රශ්න ගණනාවක් ආවා මේ සියල්ල පිළිබඳ අපි පිළිගන්නවා. ඒ නිසා ඊළඟ කන්නයේ කිසිදු හේතුවකට ප්‍රශ්නයක් මට නොනඟින පරිදි නියමිත වෙලාවට බීජ ටික ලබාදෙන්න වෙළෙඳපොළේ රසායනික පොහොර ඕන කෙනෙකුට ගන්න පුළුවන් විදියට හදන්න හරිත කෘෂිකර්මාන්තයට කැමති ගොවියන්ට අවශ්‍ය පොහොර ටික පළිබෝධනාශක, දිලීරනාශක සියල්ල ලබාදෙන්න වැඩපිළිවෙල අපි හදලා තියෙනවා.”


RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES