27.4 C
Colombo
Thursday, December 12, 2024

රිළවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ගොවියන්ට පුළුවන්

- Advertisement -

ටොක් වඳුරා නමැති රිළා විශේෂය ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්‍ෂා නොවන ක්ෂීරපායින් පස් දෙනාට අයත් වන බව පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ   මෙලෙස නීතියෙන් ආරක්ෂා නොවන සතුන් තම ඉඩම්වලට ඇතුළු වීමේදී ඊට එරෙහිව පියවර ගැනීමට ගොවීන්ට ඉඩකඩ ඇති බවයි.

මේ වන විට ගොවීන්ට දැඩි අර්බුදයක් බවට පත්ව ඇති වඳුරු ගහනය කළමනාකරණය කිරීමේ ගැටලුවට පරිසර වේදීන් මැදිහත්වී ඇති  බවට චෝදනා එල්ල වෙනවා.

කෙසේවෙතත්, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ සැබෑලෙසම අවධානය යොමු විය යුතු ගැටලුව  වී ඇත්තේ අලි ඇතුන් වැනි ආරක්ෂා කළ යුතු ජීවී විශේෂ නීති විරෝධී ලෙස ඝාතනය කිරීම බවයි.

“මේ වන විට රිළවුන් පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නොමඟ යැවීමකට ලක් වෙලා තිබෙනවා, වඩාත් වැදගත් කොට සැලකිය යුත්තේ අලි ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වුවත් රිළා ප්‍රශ්නයට වැඩි අවධානයක් හිමි වෙලා තිබෙනවා.

ටෝක් වඳුරා, සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ 30 වැනි වගන්තිය යටතේ ආරක්‍ෂා නොකළ ශ්‍රී ලංකාවේ ක්ෂීරපායින් පස් දෙනාගෙන් එක් අයෙකු වන අතර අළු වඳුරා, වල් ඌරා, ඉත්තෑවා සහ black-naped නමැති හාවුන් විශේෂයද ඒ අතරට අයත්.”

තමන්ගේ ඉඩම්වලට අනවසරයෙන් ඇතුළු වන අනාරක්ෂිත සතුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ගොවීන්ට අයිතිය ඇති බවත් එය පැහැදිලි නීතිමය කරුණක් බවත් ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, ඔහු අවධාරණය කර ඇත්තේ පරිසරවේදීන් කිසිදිනෙක ගොවීන් සිය වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට එරෙහිව පෙනී නොසිටි අතර පරිසරවේදීන්ගේ ස්ථාවරය වැරදි ලෙස අර්ථකථනය කර ගැනීමෙන් වැළකිය  යුතු බවයි.

ටෝක් වඳුරා (මැකාකා සිනිකා) යනුවෙන් හැඳින්වෙන රිළා විශේෂය IUCN රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇති අතර CITES උපග්‍රන්ථය II යටතේ ජාත්‍යන්තරව ආරක්ෂා කර ඇතත්, ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ඔවුන් ආරක්ෂා කර නොමැති බවද ආචාර්‍ය ජගත් ගුණවර්ධනය මහතා පෙන්වා දෙනවා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ පොල් වැනි බෝග වලට එම සතුන්ගෙන් වන  බලපෑම හේතුවෙන්  පළිබෝධකයින් ලෙස හැඳින්වෙන බවයි.

RECENT ARTICLES - SINHALA

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා. සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල්...

POPULAR ARTICLES

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...