26.2 C
Colombo
Thursday, November 14, 2024

තැන තැන සිදුවෙන මාරක රිය අනතුරු – 5 ක් මරුට

- Advertisement -

කොළඹ රත්නපුර මාර්ගයේ පහළ තලාවිටිය ප්‍රදේශයේදී ඇහැලියගොඩ දෙස සිට කුරුවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 28ක් වූ දව්ලගල කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මාවතගම පොලිස් වසමේ කුරුණෑගල මහනුවර මාර්ගයේ බෝයගොඩ ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කුරුණැගල දෙසට ධාවන වූ වාහනයක පදික පුද්ගලයෙකු ගැටී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වූ උඩකොට්ටමුල්ල, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම වාකරේ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කණ්ඩල්ඩි ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාපැදියක ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ පුලියන්කණ්ඩල්අඩි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේදී අතුරු මාර්ගයක සිට මාකොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වූ මහර, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ තොළඹුගොල්ල ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවගේ ගැටී සිදුවූ අනතුරුන් පදික කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ තොළඹුගොල්ල, ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලීසිය පැවසුවේ ඊයේ (13) මෙම අනතුරු සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

POPULAR ARTICLES