නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළක් බවයි වාර්තා වුණේ.
ඝාතනයට ලක්වූ පියා වයස අවුරුදු 59ක පුද්ගලයෙක් වන අතර පුත්‍රයා 26 හැවිරිදි වියේ පසු වූ අයෙක්.
පොලිසිය පැවසුවේ, අද (12) අලුයම සිදුව ඇති මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බවද වාර්තා වනවා.
මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගේ පියා 2022 වසරේ දී ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම පිය පුතු දේපළ අද (12) අලුයම් කාලයේ මෙලෙස ඝාතනය කර ඇති බවයි.
රාජාංගන පොලිසියේ අපරාධ අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.