30 C
Colombo
Wednesday, November 20, 2024

රිය අනතුරින් පියා මරුට – දියණිය රෝහලේ

- Advertisement -

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක්  අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ, එම පියා ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 21/117/බී, ඉසුරු පුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නැමති 56 හැවිරිදි  සත්ව සංවර්ධන උපදේශකවරයෙක්.

මරණකරුගේ දියණිය (17 )  අනතුරින් තුවාල ලබා රෝහල්ගතව, නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

පොලීසිය පවසන්නේ, පාසල් බස් රථය අනුරාධපුර නගරයේ ඔරලෝසු කණුව වට රවුම  දෙස සිට අනුරාධපුර රෝහල දෙසට ගමන් කරමින් තිබියදී, මරණකරු ගමන් කල යතුරු පැදිය එක්වරම අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමේදී අනතුර සිදුවූ බවයි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරා වන අනුරාධපුර, තලාව, මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යාපනයේ හමුදා කඳවුරක් ඉවත් කරන්න අනුමැතිය

යුද්ධය පැවති සමයේ යාපනය කට් කෝවලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා. අදාළ හමුදා කඳවුරු පිහිටි භූමිය සිවිල්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව...

අලුත් පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට (21) ආරම්භ වීමට නියමිතයි. කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සඳහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදුකෙරෙනවා. ඒ අනුව, 10...

POPULAR ARTICLES