29 C
Colombo
Wednesday, November 20, 2024

ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගවල සන්නද්ධ මංකොල්ලකෑම් ඉහළට

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ ට්‍රක් රථ රියදුරන් අධිවේගී මාර්ගවල සන්නද්ධ මංකොල්ලකෑම් වැඩි වීම ගැන කනස්සල්ල පළ කර තිබේ.

තුවක්කු පෙන්වා කොල්ලකරුවන් ඔවුන්ගේ මුදල් සහ වටිනා දේ අහිමි කර ඇති බව පජ්වොක් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. .

අපරාධ ඉහළ ගියද, ආරක්ෂක නිලධාරීන් සොරකම්වලට ගොදුරු වූ රියදුරන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් අධිවේගී මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමට පියවර ගෙන ඇති බව සදහන් කරන බවත් එරට වාර්තා පවසයි.

ගාර්ඩෙස්-පටාන් අධිවේගී මාර්ගයේ ට්‍රක් රථ රියදුරෙකු වන මොහොමඩ් ඛාන් පැවසූයේ මහාමාර්ගවල සොරුන් විසින් තමාව කිහිප වතාවක්ම නතර කර ඇති බවයි.

ඔහු ඇතුළු රියැදුරන් කිහිප වතාවක්ම මංකොල්ලකරුවන් විසින් කොල්ලකා ඇති බවත් ඔවුන් මුදල්, ජංගම දුරකථන සහ වෙනත් දේවල් ගන්නා බවත් ඔවුන්ව නැවැත්වීමට කිසිදු ආරක්ෂක අංශයක් නොමැති බවත් ඔහු පවසා ඇත.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු රට තුළ මංකොල්ලකෑම් වැඩි වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

රවිගේ මන්ත්‍රී පුටුව ගැන රනිල්ට ඉල්ලීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවි කරුණානායකගේ නම නම් කිරීම සම්බන්ධකයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය...

මුදල් වංචා කළ පොලිස් නිලධාරියෙක් මාට්ටු

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා. සැකකරු...

මහින්ද සිරිවර්ධන යළි වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන  සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තා. භාණ්ඩාගාර...

POPULAR ARTICLES