24 C
Colombo
Friday, November 15, 2024

මහ කන්නයට පොහොර චීනයෙන්

- Advertisement -

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ‍යේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පවසනවා.

ඒ අනුව, නයිට්‍රිජන් 10% ක් අඩංගු කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, චීනයෙන් නයිට්‍රිජන් 15% ක් සහ ඇමෝනියා අම්ලය 80% කින් සමන්විත පොහොර කුඩු මෙට්ට්‍රික් ටොන් 3000 ක් ද ආනයනය කිරීමට නියමිත අතර එම පොහොර තොගය ලබන මස 25 වැනිදායින් පසු මෙරටට ලැබීමට නියමිත වේ.

තවද, මහ කන්නයේ වී වගාව සඳහා පමණක් අදාල පොහොර නිකුත් කෙරෙන බවත් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ආනයනයට, ආනයනකරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාපටිපාටිය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 35,787සමගි ජන බලවේගය - 6,649ශ්‍රී...

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

POPULAR ARTICLES