2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර රජය විසින් ලබාදෙනවා.
01.2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියන් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.
02.කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා.
Related

කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී වගාව සහ වෙනත් වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000.00 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමට නියමිත බවයි. 2024/25 මහ කන්නයේදී…

2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිතයි. එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම බැරකිරීමට ද…

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ ඊයේ (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දීයි. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම…