හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා පවසනවා.
සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරයා සඳහන් කළේ, 2024 යල් කන්නයේ ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාර මුදල් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, කිසියම් ගොවීන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පොහොර සහනාධාර මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිවී ඇති හෙයින් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම දැනට ආරම්භ කර ඇති බවයි.
කිසියම් ගොවියෙකුට 2024 යල් කන්නයේ පොහොර සහනාධාර මුදල් නොලැබි ඇත්නම් කඩිනමින් ප්‍රාදේශිය ගොවිජන සේවා මධ්‍යස්තානයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලයෙන් ඒ පිලිබඳ විමසිමක් කරන ලෙසටද ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා.